Social Icons

Emoney

ඔබ  Emoney වලට නවකයෙක්ද?

 01.අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන්ද?
ඔව්.ඇත්තටම අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව නිවසේ සිට මුදල් උපයන්න පුලුවන්.නමුත් එය ඔය පත්තරවල පලවන ආකාරයට බැහැ.

02.අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කෙසේද?
සාමාන්‍ය ජීවිතයේදී අපි ඇගපත මහන්සි කරලා තමා මුදල් උපයන්නේ.අන්තර්ජාලය හරහා මුදල් උපයන්නේ මොළය වෙහෙසලා.එම නිසා අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ලේසි දෙයක් ලෙස සලකන්න එපා.

03.අන්තර්ජාලය තුළ මුදල් ඉපයීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?


1. PTC Sites(Bux/ Ads Click/Mouse Click) –
මේවා පසුපස ඕනවට වඩා ඔබ හඹා යන්න එපා. මක්නිසාදයත් ඔබ Emoney වලට නවකයෙක් නිසා ඔබ ව්‍යාජ අඩවි වලට හසුවී Emoney එපා වෙන්න පුලුවන්.  අප ලබාදී ඇති වෙබ් අඩවි කීපය පමනක් වැඩ කලානම් හොඳටම ඇති.


2. Mini Data Entry Jobs –
ඔබට මහා පරිමාණයේ වැඩ නිම කළ නොහැකි නම් කුඩා ඉතා පහසුවෙන් නිම කළ හැකි වැඩ නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.(Facebook,Youtube,Gmail,etc..)
උදා: Microworkers,

3. Data Entry Jobs –
මෙම වෙබ් අවවි වල ලියාපදිංචි වී ඔබට හැකියාව ඇති ඕනම ක්ෂේත්‍රයක Job ලබාගෙන ඒවා නිම කිරීම තුලින් මුදල් ඉපයීම.තම ආයතනයේ වැඩ කටයුතු සදහා විදේශ රටවලින් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේදී වීසා, නවාතැන් පහසුකම්, විදේශ ‍රැකියා ආයතන සදහා වැය වන මුදල් ආදිය වැය කිරීමට සිදු වන නිසාත් තම වැඩ කටයුතු වේගයෙන් හා අඩුම මුදලක් ගෙවා ඉහළ ගුණාත්මක භාවයකින් කර ගැනීමේ අරමුණින් විදේශ රටවල බොහෝ සමාගම් මෙම වෙබ් අඩවි වල ලියාපදිංචි වී තමන්ට නිමකරගත යුතු වැඩ මෙහි පල කරන අතර අපට එම වැඩ ලබාගෙන නිම කිරීම තුලින් මුදල් ඉපයිය හැක.මෙවැනි අඩවි වල ඔබ ලියාපදිංචි වීමේදී කිසිදු මුදලක් ගෙවිය යුතු නැත.
(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,etc..)
උදා: -Odesk, Freelancers......

4.
උත්සාහයෙන් මුදල් ඉපයීම -
ඔබේ හැකියාව, උත්සාහය හා උනන්දුව මත මුදල් ඉපයිය හැක. ඔබට කිසිදු මෘදුකාංගයකින් වැඩ කිරීමට නොහැකි නම් මෙම ක්‍රමය හරහා මුදල් ඉපයිය හැක. ඊට අමතරව Odesk,Freelancers හරහා ඔබට ලැබෙන් Job ප්‍රමාණය අඩුනම් මෙම වෙබ් අඩවි හරහා විශාල ලෙස මුදල් ඉපයිය හැක.
(Word/Exel/Graphic Designing,Software Development,Web Designing,Accounting,Audio Editing,Video Editing,Article Writing,Facebook,Youtube,Google+,Twitter,Blogger,Wordpress,etc...)
උදා: - Fiverr,  Gigbucks....

 
5. ඉංග්‍රීසි ලිපි ලිවීම තුලින් මුදල් ඉපයීම -
ඔබේ ඉංග්‍රීසි දැනුම ඉහළ නම් මෙය සිදු කළ හැක.මෙම වෙබ් අඩවි මගින් ලබා දෙන මාතෘකාව ඔස්සේ රචනා/ලිපි ලිවීම තුලින් මුදල් ඉපයිය හැක.(Article Writing)
උදා: iWritter....

 
6. PPC Sites –
තමාගේ වෙබ් හෝ බ්ලොග් අඩවියේ වෙබ් අඩවි වලින් ලබාදෙන ඇඩ් දැමීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Google Adsense,
 
7. Affiliate Marketing –
අන්තර්ජාලය හරහා තැරව්කරුවකු වීම.භාණ්ඩ හා සේවා හදුන්වාදිම වෙනුවෙන් යම්කිසි කොමිස් මුදලක් ඉපයීම හෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගෙන එය වැඩි මිලකට විකිණීම තුලින් මුදල් ඉපයීම.
උදා: - Clickbank,. Ebay..

ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න හෝ Internet Marketing වලට නවකයෙක්ද?
අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් බව, ඔයා මේ බ්ලොග් එක කියවනවා නම් දන්නවා ඇතිනේ. ගොඩක් දෙනා අන්තර්ජාලයෙන් මුදල් උපයන එක ගැන වැරදියට හිතාගෙන ඉන්නවා. ඔයත් ඒ වගේ වැරදිමත වල ඉන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයාට මේ වැරදි අදහස් හින්දා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බැරි වෙන්නත් පුලුවන්.
සමහරවිට ඔයා තාමත් මේ ක්ශේත්‍රයට අලුත් කෙනෙක්, නවකයෙක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඔයා මේ මොකක්ද කරන්න යන්නේ කියලා හරියට දැනගෙන පටන් ගන්න එක තමයි හොඳම දේ.

Misconceptions..

ඔයාටත් මේ වැරදි අදහස් තියෙනවනම් අදම මේ දේවල් අයින් කරගෙන මේ ගමන පටන් ගන්න. ඔයා හරියට කරන දේ ගොඩක් කල් පවතිනවා.

1. නොමිලේ මුදල් හොයන්න පුලුවන්.

ඔයාට නොමිලේ මොනාහරි දෙයක් ගැන ඉගෙනගන්න පුලුවන්, නමුත් ඔයාට කවදාවත් නොමිලේ මුදල් හොයන්න බැහැ. සමහරවිට ඔයා අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා මුලින්ම දකින්න ඇත්තේත් නොමිලේ කියන වචනයත් එක්ක වෙන්න ඇති.
දැන්වීමක් ලියද්දී ලියන්නේ එහෙම තමයි, නමුත් ඒ ලිව්ව දේ වැරදි වෙන්නේ ඇත්තටම කරන්න ගියාම. ඔයාට රුපිලක්වත් වියදම් නොකර අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පටන්ගන්න පුලුවන්, ඒ නිසා නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියලා කිව්වත්, ඔයාට ඒ දේ කරන්න කාලය වැයකරන්න වෙනවා.
කවුරුවත් ඔයාට නිකං සල්ලි දෙන්නේ නෑ, ඔයා කරන මොකක් හරි වැදගත්කමක් ඇති දේකට තමයි සල්ලි ලැබෙන්නේ. කොහොම නමුත් ඔයා නොමිලේ මුදල් හොයන්න පුලුවන් කියලානම් හිතාගෙන හිටියේ, දැන් ඒ මතය අයින් කරගන්න වෙලාවයි.

2. නිකං ඉඳලා මුදල් සෙවීම.

මේකත් ටිකක් මුලින් කිව්ව දේට සම්බන්ධයි. PTC කරන අය කියන්නේ නිකං ඉඳලා සල්ලි හොයන්න පුලුවන් කියලා. ඒත් එයාලා නිකං බලාගෙන ඉඳලා නෙමෙයි ඒ හොයන සුළු මුදලත් හොයන්නේ, එයාලා Ad Clicking, Viewing වැඩේ කරලයි හොයන්නේ.
කලින් කිව්වා වගේ ඔයාට කවුරුත් නිකං සල්ලි දෙන්නේ නෑ. ඔයා කරන සේවයට, ඔයා නිපදවන නිෂ්පාදනයට තමයි මුදල් ලැබෙන්නේ. ඉතින් ඔයා කවදාහරි නිකං ඉඳලා මුදල් හොයන්න පුලුවන් කියලා හිතාගෙන අන්තර්ජාලයෙන් මුදල් හොයන්න ආවානම්, ඔයා වැඩිකල් යන්නේ නැතුව, මේ ගමන නවත්තනවා.

3. මුකුත් නොදැන මුදල් හොයන්න.

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් මුකුත් දන්නේ නැති අයට නෙමෙයි, මොනාහරි දෙයක්, ක්ෂේත්‍රයක් ගැන දැනුමක් තියෙන අයට. කලින් කිව්ව වැරදිමත දෙකම නිවැරදිමත වුනානම් මේකත් නිවැරදි වෙන්න තිබුනා. ඒත් කවදාවත් එහෙම වෙන්නේ නෑ.
PTC කරන අය කියන ප්‍රධාන හේතුවක් තමයි, මුකුත් නොදැන මේ දේ කරලා මුදල් හොයන්න පුලුවන් කියලා. ඒත් ඒ අය හැමදාම එකම තැන ඉඳියි, එහෙම හිටියොත්. දන්නේ නැති වෙන්නේ ඔයා ඒ දේ ගැන හොයන්නේ නැති වුනාම. අන්තර්ජාලය තියෙන ලොකේ මොනාද ඔයාට දැනගන්න බැහැයි කියන්න පුලුවන්..? දැනගන්න බැහැයි කියන්න පුලුවන් දේවල් බොහෝම අතලොස්සයි තියෙන්නේ. ඔයා මේ මතයේ හිටියනම් අදම ඔයා කැමති දේ ගැන ඉගෙනගන්න පටන් ගන්න.

4. Living Income එකක් හෙවත් ජීවත්විය හැකි ආදායමක් උපයන්න බැහැ.

මේක තමයි තවත් ලොකුම වැරදිමතයක් වෙන්නේ, ඔයාට තාමත් විශ්වාස කරන්න බැරිද අන්තර්ජාලයෙන් ඔයාට දිගටම ජීවත්විය හැකි තරමේ ආදායමක් ගන්න පුලුවන් කියලා.? ඔයා මේ ක්ෂේත්‍රය ගැන නොදන්න කෙනෙක්නම් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රෂ්ණයට බැහැයන උත්තරය දෙයි.
ඒ ඔයාගේ නොදන්නකම මිසක් ඇත්ත නෙමෙයි. මුලු ලොකේම Internet Marketing වල වර්තමානය ගැන බලනකොට, ඔයාට තනිකරම අන්තර්ජාලයෙන් මුදල උපයලා ජීවත්වෙන මිනිස්සු ලක්ෂයක්වත් හම්බවෙයි. ඉතින් ඒ අයට කරන්න පුලුවන් නම් ඒ දේ, ඇයි ඔයාට කරන්න බැරි. ඒක ඔයාගේ ඕනනැතිකම මිසක් කරන්න බැරි දෙයක් නෙමෙයි.
ඔයා ඔයාගේ හිත පොළඹවාගන්න මේ දේ කරන්න පුලුවන් කියලා. ඔයාට ලොකු ආත්මවිශ්වාසයක් තියෙනවනම් ඉක්මනින් ඕනම ලොකු Goal එකකට ලගාවෙන්න පුලුවන්.

5. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියන්නේ පට්ට වෘත්තියක් නෙමෙයි.

ඔයාට තැනකට ගිහිල්ලා ඔයාගේ ජීවන වෘත්තිය(Occupation) මොකක්ද කියලා ඇහුවම අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා කියන්න බැරිවෙන්න පුලුවන්. ඒත් මේක ඔයා හිතන තරම් චාටර් ජීවන වෘත්තියක් නෙමෙයි කවදාවත්.
හරියට අන්තර්ජාලයෙන් මුදල් හොයන අය මේ දේට කියන්නේ මෙන්න මේ වගේ නම් Internet Marketing, Internet Entrepreneur, Online Marketer. මොකද ඒ නම් ගැළපෙන හින්දා තමයි ඒවා පාවිච්චි කරන්නේ.
ඔයාගේ අසල්වැසියෝ හිතයි, ඔයා රැකියාවක් කරන්නේ නැතුව ගෙදර නිකං ඉන්නවා කියලා, නමුත් ඔයාට පුලුවන් ඒ අයට විස්තර කරල කියන්න ඔයා කරන්නේ මොනවද කියලා. ඕනම අලුත් දෙයක් දිහා මුලින්ම මිනිස්සු බලන්නේ අමුතු විදිහට ඒක ඒ අලුත් දෙහි වරදක් නෙමෙයි, ඒ බලන කෙනාට තියෙන නොදැනීම, නුහුරුකම. මේක Professional Occupation එකක් කියලා මේක හරියට කරනකොට ඔයාට තේරුම් යයි.

Boosting Qualifications

අද ලංකාවේ ගොඩක් දෙනා කියන්නේ තමන්ට English දන්නේ නෑ, කරන්න මොකක් හරි දෙයක් දන්නේ නැහැ කියලා නමුත් ඔයාට අන්තර්ජාලය තියෙනවා කියන්නේ මුලු ලොකේම ඔයා ලඟ වගේ. ඒ මුලු ලොකේටම යන්න ඔයාට අවශ්‍ය වෙන්නේ English විතරයි. දැනුම ඔයා ලඟට එන්නේ නෑ, ඔයා දැනුම හොයාගෙන යන්න ඕනා. ඔයා මුකුත්ම නොදන්න දැන් ඉපදුන බබෙක් නෙමෙයිනේ. ඉතින් ඔයාට හොයාගෙන යන්න බැරි වෙන්නේ නෑනේ.
ඔයාට English දැනුම මදියි නම් මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් තරම් English දැනුමක් ලැබෙයි.

1. English සිංදු අහන්න නිතරම.
2. English සිංදු වල Lyrics අරගෙන කියවන්න.
3. ඒවා ඔයාට දැනට තියෙන English දැනුමෙන් තේරුම්ගන්න බලන්න.
4. තේරෙන්නේ නැති වචනයක් ආවාම Dictionary එකෙන් බලන්න.
5. ඔයාට තේරුනේ නැතිවුනත් කමක් නැහැ අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටි කියාදෙන English බ්ලොග් කියවන්න.

6. තේරෙන්නේ නැති තැනක් ආවම ඒක දන්න කාගෙන්හරි අහගන්න, Dictionary එකෙන් බලන්න.
7. English උප සිරැසි එක්ක English Movies බලන්න.
කෙටියෙන්ම කිව්වොත් නිතරම English එක්ක ඉන්න, ඔයාට ඉබේම හොන්ද English දැනුමක් එයි. ඔයාට හොන්ද වාක්‍ය ඛණ්ඩ(Phrases) හොයාගන්න පුලුවන් මේ විදිහට කලාම. ඔයාට දන්න English වලින් නොදන්න English ඉගෙනගන්න පුලුවන්. ගොඩක් දෙනා සිංහල Forum වල පුන්චි දේ පවා අහනවා, ඒත් ඔයාට ඇයි බැරි ඒ දේවත් Google එකේ හොයලා තනියම ඉගෙනගන්න? ඒකෙන් ඔයාගේ English දැනුම වැඩිවෙනවා, Google එකේ හොයන හැටි අත්දැකීම එනවා.

English දන්නවනම්, අන්තර්ජාලයත් ලඟ තියෙනවනම් ඔයාට කැමති දේ ඔයාට ඕන විදිහට ඉගෙනගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් මුදල් හොයනවා කියලා මුකුත් නොදැන කරන්න බැරි බව ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයා ඉගෙනගන්න ආස, කැමති විෂය ඉගෙනගන්න පටන්ගන්න අදම අන්තර්ජාලය හරහා.

ඔයා Web Design, Developing වලට කැමතිවෙන්න පුලුවන්, ඒක ඉගෙනගන්න ඔයාට Course එකක් කරන්නම් ඕන නැහැ. අන්තර්ජාලයෙන් හොයලා ඉගෙනගන්න පුලුවන්. මං කලින් ලිපියකිනුත් කිව්වනේ දැනුම Monetize කරන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා කියලා, ඉතින් ඔයා ඒ ඉගෙනගන්න දේ පාවිච්චි කරලා ඔයාට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන්.
ඒ නිසා මුලදි කිව්ව වැරදි අදහස් අයින්කරගෙන, English දැනුම වර්ධනය කරගන්න. ඊටපස්සේ ඔයාගේ Passion එක තියෙන විෂය ඉගෙනගන්න පටන්ගන්න. ඉගෙනගන්න දේවල් පාවිච්චි කරලා වැදගත් දෙයක් කරන්න. එතකොට සල්ලි ඔයාගේ පස්සෙන් එයි.


 SPECIAL OFFER Internet Online Jobs Training DVDs 04 - Books. 2400 Only 
 
































1 comment: